සැප්තැම්බර් වෙද්දී රට සම්පූර්ණයෙන් විවෘත කරන්න පුළුවන්…..! – ජනපති….

July 5, 2021 at 8:09 pm | by emanisa.lk

ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මේ මාසෙදි අපට ලැබෙනවා. මේ තත්ත්වය නිසා අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් වේවි.

අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ.”

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (5) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *