සැප්තැම්බරයේ රට නැවතත් ආසියාවේ ආශ්චර්ය වෙනවා….! – ආචාර්ය රංජිත් බණ්ඩාර…

July 16, 2021 at 11:31 am | by emanisa.lk

ලබන සැප්තැම්බර් මාසයේ රට විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය රංජිත් බණ්ඩාර පවසයි

කොවිඩ් මර්දන එන්නත මහ ජනතාව වෙත ලබා දී සැප්තැම්බර් මස රට විවෘත කරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රජය සතුව ඇමරිකානු ඩොලර් බිලියන 04ක මුදලක් ඇති බවත් ඊට චීනය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලැබීමට නියමිත මුදල එකතු කළ විට ඩොලර් බිලියන 7 ඉක්මවන බව ද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

මහනුවර දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *