සැනසුම් සුසුමක් හෙළිය හැකි පුවතක්! අද හමු වූ රෝගීන් 4 දෙනාම හමු වුණේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්!

April 12, 2020 at 6:26 pm | by emanisa.lk

අද දිනයේ කොරෝනා වෛසරය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගත් අතර ඔවුන් සියලු දෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙනි.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 203 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 45කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස