සැඟවුණු සහ හදිනි අරමුණ සහිතව ඇඳිරි නීතිය ඉවත් කිරීම නරකයි! සතියකට කලින් ඇඳිරි නීතියට එරෙහි වූ ස්වාධීන කතානායක කරූ!

April 19, 2020 at 11:39 am | by emanisa.lk

රට වසා තැබුණු කාලයේදී සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ, ආගමික නායකත්වය, ව්‍යාපාර සහ සමස්ත ජනතාව විසින් සිදු කරන ලද අති මහත් වූ පරිත්‍යාග අගය කළ යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.

එමෙන්ම, හදිසි හෝ සැඟවුණු අරමුණු සහිත තීරණ හේතුවෙන් එම පරිත්‍යාග ඵල රහිත වී යා නොදී රැක ගැනීමට ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ වග බලා ගත යුතු බව ද හෙතෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඔහු වුවද කරූ ජයසූරිය සතියකට පමණ පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇඳිරි නීතිය දිගටම පැනවීමෙන් මහජන යහ පැවැත්මට සහ චිත්ත ධෛර්යය බිද වැටෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස