සාපරාධී ලෙස වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා නිසා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් නැවත සේවයේ පිහිටුවීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.
සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් අනුව ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදනයේ 20:02 වගන්තිය අනුව 2019 මැයි මස 11 වෙනිදා සිට ශිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඒ පිළිබඳ මූලික විමර්ශනයක් සිදුකර වාර්තාවක් එවන ලෙස දැනුම් දුන්න ද මෙතෙක් එය ලැබී නොමැත.
මේ අතර පසුගිය 16 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එච්.එස්. මුණසිංහ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් ශාෆි ශාහාබ්දීන්ගේ හිඟ වැටුප් ගෙවන ලෙස දන්වා තිබිණි. අනිවාර්ය නිවාඩු යවන ලද රාජ්‍ය සේවකයකුට වැටුප හිමිය.