සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගෙන සිට නිදහස් කරනු ලැබූ, කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට සියලු හිග වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබේ.
වඳ සැත්කම් කරන ලද බවට චෝදනා කරමින් වෛද්‍ය ශාෆී සහාබ්දීන් අත්අඩංගුවට ගත් පසු, ඔහුගේ සේවය අත්හිටුවා නැති අතර, සිදුකර තිබෙන්නේ ඔහු අනිවාර්ය නිවාඩු යැවීම පමණක් බවත්, ඒ හේතුව මත, ඔහුට ගෙවීමට තිබෙන හිග වැටුප් ගෙවන ලෙස නියෝගය නිකුත් කර තිබෙන බව ද නීතීඥ චානක අබේවික‍්‍රම අනාවරණය කරයි.
2020 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆී ශහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වී ය.