සාලාව අවි ගබඩාව පුපුරුවා හැරීමේ සහාසික අපරාධයේ රහස විමල් හෙළි කරයි!

February 11, 2019 at 3:49 pm | by admin

තිස් වසරක යුද සමයේ කොටි සංවිධානයට පවා විනාශ කළ නොහැකි වූ සාලාව අවි ගබඩාව ජිනීවාහි සම්මත වූ හමුදාවේ අවි බලය අඩු කළ යුතු බවට වන යෝජනාවක් අනුව විනාශ කොට දැමූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

හමුදාවේ අවි බලය අඩු කිරීමේ ක්‍රමය සාලාව පුපුරුවා හැරීම බවත් යුද හමුදාව සතුව පැවති බර අවි උණ්ඩ නාවික හමුදාව ලවා මුහුදේ ගිල්වා දැමූ බවත් හෙතෙම හෙළි කරයි.

එසේම මේ වන විට හමුදාව සතු ආයුධ වැඩක් නොමැති බව පවසමින් කැබිනට් පත්‍රිකා දමන තැනට රටේ ජාතික ආරක්ෂාව විනාශ කළ ආණ්ඩුව පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස