සාර්ථක වර්ජනය අසාර්ථකයි කියන්න ජනාධිපති මාධ්‍ය අංශය වැඩ කළා…! – මරික්කාර්….

March 17, 2023 at 7:48 am | by emanisa.lk

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් පවසයි.

වර්ජනය දින දුම්රිය, බස් ධාවනය, බැංකු විවෘත කර තැබීම ආදී සියලු දෑ සම්බන්ධයෙන් පුවත් පළකළ ජනාධිපති මාධ්‍ය අංශයට රටේ ජනතාව පත්ව ඇති අසරණභවය නොපෙනී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඩොලරය පහළ බසිද්දී පුවත් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය ඩොලරය ඉහළ යාමේ දී පුවත් පළ නොකළ බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පැවසීය.

රටේ මතුව ඇත්තේ ප්‍රචාරණය පිළිබඳ යුද්ධයක් නොවන බැවින් ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් එස්. ඒම්. මරික්කාර් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *