සාමයේ නාමයෙන් ත්‍රස්තවාදය වපුරන සකීර්ගේ peace tv තහනමට අවධානය!

April 30, 2019 at 12:44 pm | by admin

අන්තවාදී වහාබ්වාදය පතුරුවන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික්ගේ peace tv කේබල් රූපවාහිනි නාළිකාව මෙරට තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

මෙම නාළිකාව ඉන්දියාවේ මෙන්ම පාකිස්ථානය බංගලිදේශය ආදී දකුණු ආසියානු ඉස්ලාම් රටවල ද තහනම් කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ තව දුරටත් විකාශය සඳහා අවසර ලබා දීම විශේෂත්වයකි. පාකිස්ථානය බංගලිදේශය වැනි රටවල කාන්තාවන් පවා බුර්කාව අඳින්නේ නැත.

මෙම නාලිකාවේ හිමිකරු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් විසින්ම මෙම නාලිකාව ඔස්සේ දේශන කරන අතර ඔහුගේ ඉගැන්වීම් අනුව විවාහක කාන්තාවන් සිරකරුවන් ලෙස සහ වහලුන් ලෙස සිටිය යුතුය. සංගීතය සහ මධ්‍යසාරද තහනම් අතර යමෙකු සොරකමකට හසුවුවහොත් අත් කපා දැමිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස