අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දින පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.
අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ ය.
දෙසැම්බර් මාසයේ පළමු සතිය වන විට අ.පො.ස. සාමාන්‍ය පෙරළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසල් සියල්ල ම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.