සාධාරණ කරු යහපාලන බලවේගයට පණ දෙයි….! විපක්ෂයේ සියලු ම පක්ෂ කැඳවයි….! ආණ්ඩුවේ ශ්‍රීලනිපයටත් ඇරයුම්…!

July 17, 2021 at 1:37 pm | by emanisa.lk

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එහි දී රටේ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම, ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. මෙම හමුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරියගේ මෙහෙයවීමෙන් මෙම හමුව සංවිධාන වන බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි. බොහෝ දේශපාලන පක්ෂ සිය සහභාගිත්වය මේ වන විටත් තහවුරු කර ඇති බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *