ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (04) කොල්ලුපිටිය 28වැනි පටුමග හන්දිය අසලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් පදිංචි 22 හැවිරිදි සිසුවෙකි. පෙරේදා (04 ) සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
තමන් 40 හැවිරිදි පුද්ගලයකු සමග ඩුබායි තානාපති කාර්යාලය වෙත පැමිණි බවත් එහිදී පොලිස් ආරක්ෂාව මැද ධාවනය වූ වී.අයි.පී. රථ පෙළක් දුටු බවත් මීට පෙර එවන් අවස්ථාවක් දැක නැති නිසා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බවත් පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේදී සැකකාර සිසුවා පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.