සාගරගේ කුමන්ත්‍රණ කතාවට පිළිතුරු නොදෙන්න විමල්ලා තීන්දු කරති….!

August 28, 2021 at 11:37 am | by emanisa.lk

රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනාවලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) රාත්‍රියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දී මෙම තීන්දුව ගෙන තිබේ.

රට නොවසන බවට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබිය දී, රට වහන්නැයි ඉල්ලා ඇමතිවරුන් තිදෙනකුගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් කැවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සැක සිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඉකුත් සතියේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *