ස්විස් ෆාස්ටර් උතුර අනතුරේ හෙළයි! කොරෝනා අවධානමෙන් ඇඳිරි නීතිය දික්වවෙයි!

March 22, 2020 at 7:17 pm | by emanisa.lk

ස්විට්සර්ලන්තයේ සිට ලංකාව පැමිණ උතුරේ දේව මෙහෙයන් පැවැත් වූ දේව ගැතියෙකු නිසා එම ප්‍රදේශ කොරෝනා අවධානමකට ලක්ව තිබේ.

මෙම දේවගැතිවරයා නැවත රටෙන් පිටත් වූ පසු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති අතර  ඔහු හමු වූ උතුරේ අයෙකුට ද රෝගය වැළඳී තිබේ.

ඔහු යාපනේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කොරෝනා යැයි සැක දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබයි.

මේ සමග ඔහු ඇසුරු කළ සහ ඔහුගේ දේව මෙහෙයන්ට සහභාගී වූ පිරිස් සොයා ගැනීමේ මෙහෙයුම් උතුරේ ආරම්භ කර තිබේ.

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කක සඳහා ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදේ 6 දක්වා දීර්ඝ කර තිබේ.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස