ස්විස් එම්බසි කතට පිස්තෝල එබූ කතාව බොරු! රටටම බොරු කී රාජිත ගස් යන හැඩ!

December 11, 2019 at 10:00 am | by emanisa.lk

පිස්තෝලයක් කටේ ඔබා ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනියට තර්ජනය කළ කතාව අසත්‍ය එකක් බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.

එම කාන්තාව රහස් පොලිසියට දුන් කට උත්තරයේ දී එවැනි පිස්තෝල කටේ එබීමක් ගැන සඳහන් කර නොමැති බව වාර්තා වේ. මේ කතාව ගැන රහස් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළ ද ඇය පිස්තෝල කතාවක් ප්‍රකාශ කොට නැත.

කෙසේ වුවද තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ කටට පිස්තෝලයක් එබූ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ රාජිත සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සිංහලයේ සංවිධානය සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස