ස්වාමීන් වහන්සේලා ගැටුම් ඇති වෙන ආකාරයට වැඩ කරනවා! බුදුන් දේශනා කළ විදිහට කටයුතු කළා නම් පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ නෑ -තලතා

May 18, 2019 at 4:32 pm | by admin

ඇතැම් ස්වාමීන් වහන්සේලා ගැටුම් ඇති වෙන ආකාරයට ක්‍රියා කරන අවස්ථා දකින්න ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව  සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

“අපි සමාජයේ ජීවත් වෙන විට හැම අවස්ථාවකම අනිත් අයගේ ජීවිත වලට කරදරයක් නොවන ආකාරයට ජීවත් වෙන්න ඕන.නාලාගිරි ඇතා දමනය කිරීමට ආලවක යක්ෂයා දමනය කිරීමට බුදුන් වහන්සේගේ ඉවසීම ඉවහල් වුණා.

ඒ නිසා අපි ඉවසීම ජීවිතයේ හැම අවස්ථාවකම ප්‍රගුණ කළ යුතුයි.මේ ආදර්ශය ජාතීන් ලෙස ආගම් ලෙස අපි ආදර්ශයට අර ගෙන බෙදෙන්නේ නැතිව වෛරයෙන් තොරව මෛත්‍රිය පදනම් කර ගෙන ජීවත් වෙන්න ඕන. බුදුන් දේශනා කළ ධර්මය අනුව ජීවත් වුණා නම් අප්‍රේල් 21 වුණා වගේ අවාසනාවන්ත සිද්ධි වෙන්නේ නැහැ.

අද ඇතැම් ස්වාමීන් වහන්සේලා කරන වැඩ පිළිබදව අපි හදවතින්ම කම්පා වෙනවා.සමහර ස්වාමීන් වහන්සේලා ගැටුම් ඇති වෙන ආකාරයට වැඩ කරන අවස්ථා අපි දකිනවා.

මේ රටේ සියලුම මහානායක ස්වාමීන් වහන්සේලාට හොද අවස්ථාවක් අද ඇවිත් තියෙනවා උන් වහන්සේලා ඉදිරියට ඇවිත් මේ ශාසනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට.

ඒ සඳහා කාලය අද උදා වෙලා තියෙනවා.අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සියලු ජාතීන් වෙනුවෙන් වගකීම් ඉටු කරනවා.“

අදට යෙදෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන්නේය.

එහ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.

එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කිරීම මෙවර විශේෂත්වයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස