ස්වාධීන කොමිසම් සාමාජිකයන්ට මහජන මුදල් අතදිගහැර බෙදයි! හැම සාමාජිකයෙකුටම කෝටි දෙකහමාරක කුලී බෙන්ස් පැජරෝ බිලක්!

June 21, 2020 at 8:54 pm | by emanisa.lk

පසුගිය රජය විසින් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් සඳහා වාහන කුලියට ගැනීමේදී එක් වාහනයක් රුපියල් හාරලක්ෂයකට අධික මාසික කුලියක් ගෙවමින් සිටින බව හෙළිදරව් වෙයි.

දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකින් කුලියට ගත් බෙන්ස්, පැජරෝ ආදී වාහන ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන්ට ලබා දී තිබේ. ඒවා වසර 5ක කුලී පදනමට ලබාගෙන ඇත.

මෙම වාහන කුලිය අනුව වසරකට රුපියල් ලක්ෂ පනස් එකක් අදාළ සමාගමට රජය විසින් ගෙවනු ලබයි. ඒ අනුව වසර 5ට රුපියල් දෙකෝටි පනස් අටලක්ෂයක් (25,800,000) ගෙවිය යුතුය.

රුපියල් කෝටි දෙකක්වත් නොවටිනා මෙම බෙන්ස් රථය සඳහා එතරම් කුලියක් ගෙවුවද වසර පහ අවසානයේ බෙන්ස් රිය කුලියට දුන් සමාගමට නැවත බාරදිය යුතු යැයි ද කොන්දේසියක් පනවා ඇත.

මේ ගැන අප සමඟ අදහස් දැක්වූ කොමිෂන් සභා සාමාජිකයන් දෙදෙනෙක් කීවේ මෙතරම් විශාල කුලියක් ගෙවන නිල වාහනයක් තමන්ට අනවශ්‍ය නමුත් වාහනය භාවිත නොකළත් නියමිත කුලිය ගෙවිය යුතු නිසා එය පරිහරණය කරන බවයි.

Deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස