ස්වාධීන කණ්ඩායම එක්ක රාජපක්ෂ ආණ්ඩුව පෙරළනවා…! මා නැවත හමු වන්නේ ඇමැතිවරයෙක් ලෙසයි…! – රාජිත..

April 24, 2022 at 7:46 pm | by emanisa.lk

මේ ආණ්ඩුවට ආයුෂ ඇත්තේ තව දින කිහිපයක් පමණක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ආණ්ඩුවේ ස්වාධීන පාර්ශ්වය සමග ඒ සඳහා අවසන් එකඟතාවට පැමිණීමට හැකි වූ බවයි, ඔහු අනාවරණය කළේ.

මේ වන විට 157ක්ව පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රමාණයෙන් අගමැතිවරයාට සහාය දෙන පිරිස 88 දක්වා පහත වැටී ඇති බවත් රාජිත සේනාරත්න සඳහන් කළේ ය.

ඒ අනුව තමා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස හමු වන අවසාන අවස්ථාව මෙය බවත් ඊළඟට හමු වන්නේ ආණ්ඩු පක්ෂය ලෙස බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *