කොටි ඩයස්පෝරාවට සින්න වූ ස්වර්ණවාහිනියේ ගැටුම් ඇවිළෙයි! සජීවි විකාශය ඇනහිටී! සුපුරුදු සජීවි වැඩසටහන් වෙනුවට සිංදු!

March 19, 2019 at 7:02 am | by admin

අද උදෑසන සිට EAP සමූහයට අයත් ස්වර්ණවාහිනී රූපවාහිනියේ සජීවි වැඩසටහන් නතර වී ඇත. මේ වන විට සුපුරුදු වැඩ සටහන් වෙනුවට ගීත සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙයි. මේ තත්ත්වයට හේතුව ආයතනයේ පරිපාලනය සහ සේවක පිරිසක් අතර හට ගෙන ඇති ගැටුමක් බව වාර්තා වෙයි.

ස්වර්ණවාහිනී ආයතනය ඇතුළු EAP සමූහයේ කොටස් සුභාෂ්කරන් අලි රාජා විසින් කොටි අරමුදල් යොදවා ගොඩනැඟූ ලයිකා මොබයිල් නම් ආයතනයට විකිණීමට සැලසුම් කිරීම සමග මහත් ආන්දෝලනයක් ඇති විය.

ඒ අතර එහි සේවය කළ නදීක කරුණානායක ඇතුළු සේවකයන් විසිදෙනෙකු පමණ වෘත්තීය සමිතියක් තැනීමට කටයුතු කර තිබේ. එම වෘත්තීය සමිතියේ නිලධාරීන් සහ එහිදී අදහස් දැක්වූ සේවක පිරිස සේවයෙන් පහකර ඇති අතර අද උදෑසන ඔවුන්ට ආයතනයට ඇතුළු වීමට අවසර ලබා දී නැත. ඒ අතර අරුණ බණ්ඩාර වාසුන්දර, තිලිනි පෙරේරාද වෙයි. සේවකයන් 300ක් පමණ සේවය කරන මෙම ආයතනයේ සේවකයන් 270ක් පමණ අදාළ වෘත්තීය සමිතියට බැඳී තිබේ.

මේ වන විට නියමිත සජීවි වැඩසටහන් සඳහා අවශ්‍ය කාර්මික ශිල්පීන් පවා ආයතනය තුළ නොමැති බව වාර්තා වෙයි. ස්වර්ණවාහීනි සජීවි වැඩසටහන් බිඳ වැටෙන්නේ එහි ප්‍රතිඵලය අනුවය. මේ වන විට එම සේවක පිරිස කොල්ලුපිටිය පොලිසියට ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම සේවක වෘත්තීය සමිතිය ආරම්භ කර ඇත්තේ ආයතන ජාලය විකිණීමේ කටයුතු වෙනුවෙන් ස්වර්ණවාහිනියට නැවත කැඳවූ මහේන් පෙරේරාට එරෙහිව බව ආරංචි මාර්ග පවසයි. ස්වර්ණවාහිනි පරිපාලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු මහේන් පෙරේරා 2005 ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ සටන මෙහෙය වූ පුද්ගලයාය. රනිල්ගේ පරාජයත් සමග ඔහු ස්වර්ණවාහිනියෙන් ඉවත් වී විදෙස්ගත විය. මහේන් පෙරේරා නැවත ස්වර්ණවාහිනියට පැමිණ ඇත්තේ එම ආයතන සමූහය ඩයස්පෝරාවට විකුණා දැමීම සඳහාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *