ස්වර්ණවාහිනිය එජාප ආණ්ඩුව කොටින්ට විකුන්නා! ලෝකේ කිසිම රටක් මෙහෙම තකතීරු වැඩකරන්නේ නෑ! – කුමාර චාපා බණ්ඩාර (video)

May 1, 2020 at 7:49 pm | by emanisa.lk

කලක් ජාතියේ නාළිකාව ලෙස හැඳින්වූ ස්වර්ණවාහිනිය  සහ රේඩියෝ නාළිකා සමූහයකින් සමන්විත EAP මාධ්‍ය ජාලය මේ වන කොටි ත්‍රස්තවාදී සංවිධානයට ද සම්බන්ධ දූෂිත ආයතනයක් වන ලයිකා මොබයිල් සමාගමට විකුණා දමා ඇතැයි මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර පවසයි.

සුභාෂ්කරන් අලිරාජාට අයත් ලයිකා මොබයිල් සමාගමට ස්වර්ණවාහිනිය විකුණා දැමුවේ දේශීය ආයතන ගණනාවක් එය මිලට ගැනීමට සූදානම් පසුබිමක බවත් ඒ සඳහා මනෝ තිත්තවැල්ල සහ හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විශාල කාර්යභාරයක් කළ බව ද හෙතෙම පවසයි.

මේ වන විට අතිවිශාල ධනස්කන්ධයක් වැයකරමින් ස්වර්ණවාහිනි හිමිකරු සුදේව හෙට්ටිආරච්චි රංගන ද සිල්වා වැනි මාධ්‍යවේදීන් මිලට ගනිමින් සිටින බවත් එහි අරමුණ විජාතික න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක වන එම නාළිකාවට ජාතිකත්වය ආරෝපණය කිරීම බවත් හෙතෙම පවසයි.

මෙවැනි රටට එරෙහි සංවිධාන මගින් ක්‍රියාත්මක වන සමාගම් සඳහා ජාතික නාළිකා ලබා දීම අතිශය භයානක බවත් මෙවැනි තකතිරු මෝඩකම් වෙනත් කිසිදු රටක් සිදු නොකර බවත් චාපා බණ්ඩාර අවධාරණය කරයි.

සම්පූර්ණ වීඩියෝව පහත දැක්වෙයි.

https://m.youtube.com/watch?v=uSdsp1PBbmU&feature=share

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස