ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමාගම ජාලයත් කුණු කොල්ලයට කොටින්ට විකුණා දැමේ!

February 10, 2019 at 4:23 pm | by admin

වත්මන් ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ද මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගේ ද ආශීර්වාදය ඇතිව ස්වර්ණවාහිනිය ඇතුළු EAP ආයතන ජාලය සුභාෂ්කරන් අලි රාජා විසින් කොටි අරමුදල් යොදවා ගොඩනැඟූ ලයිකා මොබයිල් සමාගම විසින් මිලයට ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. මේ ගනුදෙනුව පිටුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදේශකයකු වන මනෝ තිත්තවැල්ල ද ඇතැයි ඔහු කීවේය.

ලයිකා මොබයිල් සමාගමට වඩා වැඩි ලංසුවක් දේශීය සමාගමක් ඉදිරිපත් කළ ද ඉතාම සැලසුම්සහගත ලෙස ඊට වඩා අඩු ලංසුවකට එම මුදල ද කොටස් වශයෙන් ලබා දීමේ පොරොන්දුව මත මෙම සමාගම් ජාලය කොටි හිතවාදී අලි රාජාට විකුණා දමා ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි. මෙම සමාගම ත්‍රස්තවාදී භාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ ලෝකයේ බොහෝ රටවල් ව්‍යාපාරික අවස්ථා ලබා නොදෙන කළු සමාගමකි.

කෙසේ වුවද අදාළ මුදල පවා මෙතෙක් නොගෙවා ඇති බව ද ඒ සඳහා ලයිකා මොබයිල් සමාගමට දිගින් දිගටම කාලය ලබා දී ඇති බව ද ඔහු පවසයි. මහ බැංකු හොරකම සිදු වී වසර 4ක් ගෙවෙන මේ අවස්ථාවේ සිදුවන මෙම දූෂිත ගනුදෙනුවෙන් වත්මන් මහ බැංකු අධිපතිවරයාට ගැලවිය නොහැකි බවත් අනාගත ආණ්ඩුවක් යටතේ මේ පිළිබඳ සිදුවන පරීක්ෂණයක් සඳහා ඔහුට මුහුණ දීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *