ස්වර්ණවාහිනිය ආණ්ඩුවේ හිතවෙතෙකුට විකුණා දැමේ…? හිටපු ප්‍රබලයෙක් කපුකම කරයි…!

July 16, 2021 at 1:51 pm | by emanisa.lk

ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ඊටීඅයි ගනදෙනුකරුවන්ගේ සංගමය හෙළිකරයි.

මෑතක් වන තුරුම එම නාලිකාවට සම්බන්ධ ව සිටි ඉහළ නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදු වෙමින් ඇති බවත් එය වහාම නතර කර ආයතනය රජයට ආයතනය පවරා ගන්නා ලෙසත් ඉල්ලා සිටින බවද එම සංගමය කියා සිටී.

ස්වර්ණවාහිනි නාලිකාව ප්‍රමුඛ ඊඒපී මාධ්‍ය ජාලය අලි රාජා සුබාෂ්කරන් නැමැති කොටි ඩයස්පෝරාවේ හිතවතෙකු විසින් මිල දී ගැනීම නීති විරෝධී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවටත් ඒ පිළිබඳ නීතිපතිවරයා විසින් අවසන් නිර්දේශ ලබා දීමට පෙර මෙලෙස ස්වර්ණවාහිනිය විකුණා දැමීමට සූදානම් වන බවටත් ඔවුහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *