ස්පා නමින් රටපුරා ගණිකා මධ්‍යස්ථාන 40 000ක්! පොලිස් නිලධාරීන්ට මාසෙකට ලක්ෂයකට වැඩි අල්ලසක්!

January 14, 2020 at 12:09 pm | by emanisa.lk

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ස්පා පිළිබඳ සංගණනයක් පවත්වා නීතිවිරෝධී ‘ස්පා’ ආයතන වසා දැමීමට පොලිස් මූලස්ථානය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

‘ස්පා’ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය මත පවත්වාගෙන යා යුතු වුවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නීති විරෝධී ස්පා ආයතන 40,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ඇති බවය.

මෙම ස්පා ආයතන සමාගම් මැදුරේ ලියාපදිංචි කර පවත්වා ගෙන යන යන අතර ඒ සඳහා නිසි අවසරයක් ගෙන නොමැත. මේ ආකාරයට මහරගම නගර සභා බලසීමාවේ නීති විරෝධී ස්පා ආයතන 300ක් පවත්වා ගෙන යන අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගෙන ඇත්තේ ස්පා ආයතන හයක් පමණි.

මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ලද පැමිණිලි මත පොලිස් මූලස්ථානය මෙම විමර්ශනය ආරම්භ කර ඇත. මෙම ස්පා මගින් සමාජ රෝග ඇතුළු බහුලව පැතිරෙන රෝග රැසකට වත්මන් පරපුර බිලිවෙමින් පවතින බවද අනාවරණය වී තිබේ.

පොලිසියේ ඉහළ නිලධාරීන්ට මාසිකව රුපියල් ලක්ෂයේ සිට ඉහළට අල්ලස් ගෙවමින් බහුතරයක් නීතිවිරෝධී ස්පා පවත්වාගෙන යන බවද හෙළිවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස