ස්ට්‍රයික් නොකළ ගුරුවරුන්ට දෙනවා කී දහදාහ කෝ…! – සජිත්…

September 5, 2024 at 9:25 am | by emanisa.lk

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට ආණ්ඩුව බොරු ඡන්ද පොරොන්දු දීමට පෙර පසුගිය කාලයේ වර්ජනයේ නිරත නොවූ ගුරුවරුන්ට දෙන බවට පොරොන්දු වූ රුපියල් 10,000ක මුදල ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) මෙම ඉල්ලීම කළේය.

“පහුගිය දවස්වල ස්ට්‍රයික් එකක් යන විට ආණ්ඩුව කිව්වා ස්ට්‍රයික් නොකරපු අයට රුපියල් දසදහසක් දෙනවා කියලා. කෝ ඒක දුන්නාද? තවම දීලා නෑනේ.

ස්ට්‍රයික් නොකරපු අයට දසදහසක් ලබා නොදුන් අය අද සමස්ත රාජ්‍ය සේවයටම පඩි වැඩි කරනවාලු. ස්ට්‍රයික් නොකරපු අයට දෙනවා කිව්ව මුදල දීලා මේ වැඩේ පටන් ගන්න. විවිධ වරදාන වරප්‍රසාද දෙනවා කියන්න කලින් මුලින්ම මේ දහදාහ දීලා පෙන්වන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *