සහල් හිඟය කුමන්ත්‍රණයක්! කුමන්ත්‍රණයට මම හවුල් නම් මගේ සහල් ව්‍යාපාරය රජයට ගන්න! – ඩඩ්ලි

January 1, 2020 at 11:48 pm | by emanisa.lk

රට හමුවේ ඇති සහල් හිඟය කුමන්ත්‍රණයක් බව ප්‍රකට ව්‍යාපාරික අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන පවසයි.

පොළොන්නරුවේ වී ගබඩාවල ප්‍රමාණවත් තොග පවතින පසුබිමක සහල් හිඟයක් නිර්මාණය කළේ කවුදැයි සොයා බැලිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙම කුමන්ත්‍රණය පිටුපස තමන් නොමැති බවත් ඒ සඳහා තමා සම්බන්ධ යැයි සිතන්නේ නම් සිය සහල් ව්‍යාපාරය ප්‍රමාණවත් මුදලක් ලබා දී රජයට ලබා ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම සහල් හිඟයට ඩඩ්ලි සිරිසේන ඇතුළු සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකුට චෝදනා කළේය.

ඔවුන්ගේ අරමුණ දැනට සිංහල ව්‍යාපාරිකයන් යටතේ පවතින සහල් වෙළඳපොළ බහුජාතික සමාගමකට හෝ තම පක්ෂයට අරමුදල් සපයන මුස්ලිම් ව්‍යාපාරිකයන් අතට පත්කිරීමට බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස