සහල් සැඟ වූ ව්‍යාපාරිකයාට වැඩ වරදී… ලක්ෂ තුනක සහල් රාජ සන්තකයි..!

February 22, 2025 at 9:31 am | by emanisa.lk

වෙළඳසැලේ සහල් විකිණීමට තිබියදී, සහල් නොමැති බව ප්‍රකාශ කළ ව්‍යාපාරිකයකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.

එම අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් ඉකුත් 18 වනදා ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම ව්‍යපාරිකයාට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ඒ අනුව එම ව්‍යාපාරිකයාට එරෙහිව අද (21) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරනු ලැබීය.

මෙහිදී එම ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 3කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත කිරී සම්බා සහල් අසුරන 237ක ප්‍රමාණයක් රාජසන්ත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 10,000ක දඩ මුදලක් ද නියම කිරීමට අධිකරණය කටයුතු කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *