සහල් මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ! බොරු හාල් හිඟයක් මවන්න හදනින එපා! සියලු සහල් තොග පිළිබඳ වාර්තා අපි ළඟ! – යුද හමුදාව

April 10, 2020 at 12:11 am | by emanisa.lk

මේ වන විට රටේ කිසිදු සහල් හිඟයක් ඇති වීමට හේතුවක් නැතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

රට පුරා සහල් මෝල් හිමියන් මිලට ගත් වී තොග, ඒවා ගබඩා කර ඇති ස්ථාන, ගබඩාවල ඉතිරි වී ඇති ඉඩ ආදී සියලු තොරතුරු මෙි වන විට හමුදාව පරිගණකගත කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. මේ ආකාරයට වී මෙට්‍රික් ටොන් 25 000ක් පමණ මිලයට ගත් බව ද හෙතෙම හෙළි කළේය.

එම වී තොගවලින් සහල් කිලෝ ලක්ෂ 150ක් පමණ නිපදවිය හැකි බවත් අවශ්‍ය ඕනෑම වෙලාවක එම සහල් තොග ගබඩාවලින් මුදා හැරීමට තමන් සූදානම් බවත් එම හමුදාබනිලධාරියා අවධාරණය කළේය.

ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් සමග පැවති එම හමුවේදී සුපුරුදු සහල් මෝල් මාෆියාව දියත් කිරීමට උත්සාහ කළ මෝල් හිමියන්ට එම ප්‍රකාශය සමග නිහඬ වන්නට සිදුවිය.

https://m.facebook.com/story.php?story_fbid=3085992761445418&id=329190330459022

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස