සහල් මෝල් මාෆියාවට ජනතාව හූරා කන්න දෙන්නෑ…! රටින් හාල් ගෙනැත් කිලෝව රු. 100ට අඩුවෙන් දෙනවා…! – ඩඩ්ලිට එරෙහිව ආණ්ඩුව සටනට බසී….

September 29, 2021 at 11:57 am | by emanisa.lk

කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බව ද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපළට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබා දීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *