සහල් මිල පාලනය ආණ්ඩුව යටතට….! ලබන සතියේ සිට මිල රු. 75කින් පහළට….!

July 26, 2021 at 7:55 pm | by emanisa.lk

සම්බා සහ කීරි සම්බා සහල් කිලෝවක මිල ලබන සතියේ රුපියල් 50 -75ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ද ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාළ සහල් මිල නියම කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද ඇමැති අලුත්ගමගේ අවධාරණය කළේය.

වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකඟතාවකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී ඇමැති අලුත්ගමගේ මේ අනුව ඉතිහාසයේ පළමු වරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බව ද සඳහන් කළේය.

බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *