සහල් මිල තීරණය කිරීමේ බලය ඩඩ්ලි අතට ගනී…! ඩඩ්ලිගෙන් නාඩු 115ට සම්බා 140ට සහ කීරි සම්බා 165ට…!

September 28, 2021 at 4:31 pm | by emanisa.lk

අද (28) සිට වෙළෙදපළේ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 115කට, සම්බා කිලෝවක් රු.140කට සහ කීරි සම්බා සහල් කිලෝවක් රු.165කට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඩඩ්ලි සිරිසේන මේ බව සඳහන් කළේ ය.

මේ උසස් ම තත්ත්වයේ සහල් මිල ගණන් වන අතර අනෙකුත් සහල් ඊට වඩා අඩු මිලට වෙළෙඳපොළේ පවතිනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එසේ ම නාඩු වී කිලෝවක් රු. 62.50කට ද සම්බා වී කිලෝව රු. කිලෝව රු. 70කට ද කීරි සම්බා වී කිලෝව රු. 80ටත් මහා පරිමාණ මෝල් හිමියන් මිලයට ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ ය.

ඊයේ රාත්‍රී (27) රජය උපරිම සහල් මිල සඳහා පනවා තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් පසු මෙම නව මිල නිවේදනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *