සහල් මාෆියාව ඉදිරියේ දණ ගැසූ ආණ්ඩුව ගෙදර යනු….! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

September 29, 2021 at 3:06 pm | by emanisa.lk

ආණ්ඩුව රසායනික පොහොර ගෙන ඒම නතර කළේ ඩොලර් නැති නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත ගොවි අරගල ව්‍යාපාරය පවසයි.

එහෙත් ආණ්ඩුව සඳහන් කළේ එය ගොවි ජනතාව වකුගඩු රෝග පිළිකා රෝගවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා ගත් පියවරක් යැයි ද එම ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්‍රනන්ද ද සිල්වා පෙන්වා දෙයි.

එසේ නම් දැන් ආනයනය කිරීමට සූදානම් වන සහල් ටොන් ලක්ෂය කාබනික පොහොරින් කළ ඒවා දැයි ඔවුහු ප්‍රශ්න කරති.

සහල් මාෆියාව ඉදිරියෙහි දණ ගැසූ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි ද ඉන්ද්‍රනන්ද ද සිල්වා අවධාරණය කරයි.

අද (29) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *