සහල් පාලන මිලට එරෙහිව මෝල් මාෆියාව සටන අරඹති…! නිෂ්පාදනයෙන් 80%ක් නවතයි…! සේවකයින් ගෙදර යවා වාහන ගරාජ්වලට දමති…!

September 4, 2021 at 7:53 am | by emanisa.lk

සහල් මිල සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ප්‍රධාන සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කරනු ලබන සහල් තොග ප්‍රමාණය සීමා කිරීමට සැලසුම් කර ඇත.

පසුගිය සිකුරාදා පෙරවරුවේ පොළොන්නරුවේ ප්‍රධාන හෝටලයක පැවැති රහසිගත සාකච්ඡාවේ දී දිස්ත්‍රික්කයේ ප්‍රධාන මෝල් හිමියන් එම එකඟත්වයට පැමිණ තිබේ. එහිදී දැනට දෛනිකව නිෂ්පාදනය කරනු ලබන සහල් ප්‍රමාණය තුනෙන් එකකට අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම මෝල්වල සහල් නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර අක්‍රිය වී ඇති බවට හැඟවීමට ක්‍රියාවිරහිත කිරීමටද තීරණය කර ඇත. ඊට අමතරව එම යන්ත්‍රවල සේවය කරනු ලබන සේවකයන්ට කොවිඩ් වැළඳී ඇති බව හඟවා නිවාඩු ලබාදී නිවෙස්වලට යවා තිබේ. ඊට අමතරව දෛනික සහල් තොග බෙදාහැරීමද සියයට දහයත් තිහත් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව සහල් ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ ගරාජ්වලට යොමු කර අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම සහල් මෝල් හිමියන්ගේ ඉල්ලීම වී ඇත්තේ දැනට රුපියල් 98කට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනය කළ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 110ක් ලෙස ඉහළ දමන ලෙසටය. පොළොන්නරුවේ පමණක් පිහිටි ප්‍රධාන සහල් මෝල් හතක වී කිලෝ ලක්ෂ තිහක් දෛනිකව අඹරිය හැකිය. ඉන් ප්‍රධාන මෝලක පමණක් වී කිලෝ ලක්ෂ 12ක්ද, තවත් දෙකක ලක්ෂ හය බැගින් ඇඹරිය හැකි බව ද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස