සහල් ආනයනයෙන් රජයට රු. මිලියන 43000ක බදු…!

December 22, 2024 at 5:01 pm | by emanisa.lk

සහල් ආනයනය සඳහා අවසර හිමි වූ දෙසැම්බර් 20 වෙනිදා වන විට මෙරටට සහල් මෙට්‍රක් ටොන් 67 000ක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ නාඩු සහල් මෙට්‍රික් ටොන් 37500ක් සහ කැකුළු සහල් මෙට්‍රික් ටොන් 28500ක් වශයෙනි.

මෙම සහල් කිලෝවක් සඳහා රු. 65 බැගින් බදු අය කර ඇති අතර සහල් ආනයනය ඔස්සේ උපයා මුළු බදු මුදල රු. බිලියන 4.3කි.

සහල් ආනයනය සමග වෙළඳපොළේ සහල් හිඟය තරමක් දුරට අඩු වුව ද තවමත් නිසි ප්‍රමාණයට වෙළඳපොළට සහල් ලැබී නැත.

මේ අතර ව්‍යාපාරිකයන් පවසන්නේ ආනයනික සහල් සඳහා අය කරන බදු මුදල අඩු කරන්නේ නම් හිඟයකින් තොරව සහල් සැපයිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *