සහල්වල උපරිම සිල්ලර මිල ඉහළ යයි! නාඩු කිලෝවක් 96යි! සම්බා කිලෝවක් 98යි!

May 27, 2020 at 9:57 pm | by emanisa.lk

සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 90ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් දක්වා ඉහළ නැංවේ.

අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනුව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස