සහරාන් සිය සිවු හැවිරිදි දියණිය අපයෝජනය කරලා!

May 11, 2019 at 3:10 pm | by admin

ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ නම කීම ප්‍රතික්ෂේප කර තිබේ.

“තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇත.

අම්පාර සයින්දමරුදු නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පෙරේදා (08) කොළඹට ගෙන එනු ලැබීය. එම දියණියගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස