සහරාන් පන්නයේ තවත් බිහිසුනු ප්‍රහාරයක් සූදානම්! ඉස්ලාම් ආගම වැළඳ ගත් 40ක හමුදා කල්ලියක්! ජනපතිට අගමැතිට කීවත් වැඩක් නෑ! – රිෂාම් මරූස් රටට කියයි…..

September 18, 2019 at 2:26 pm | by emanisa.lk

පාස්කු ඉරිදා සහරාන් එල්ල කළ ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයක් සඳහා යුද හමුදාවට සම්බන්ධ හතළිස්පස් දෙනකු සූදානම් වන බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි තොරතුරු තමා සතුව ඇතැයි මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් දඹුල්ලේදී අනාවරණය කරයි.

දඹුල්ලේදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ මෙහෙයවීමෙන් ආරක්ෂක අංශයේ හතළිස්පස් දෙනකු ඉස්ලාම් ආගම වැළඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවත්, තමන් ජනාධිපති ලේකම් කාර්යාලයටත්, අගමැතිවරයා හමුවටත් ගොස් මෙම අනතුර පෙන්වා මසක් ගතවුවත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ඔහු කියයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන් මාධ්‍ය සාකච්ඡා හයක් පවත්වමින් මුස්ලිම් අන්තවාදය ගැන අනාවරණය කළ බවත්, ඉන් පසු අසංක ප්‍රියන්ත නමැත්තා දිගින් දිගටම තමා සමග කතා කරමින් ඔහුගේ බිරිඳ මුස්ලිම් ආගමේ බැවින් තමන් මුස්ලිම් ආගමට හැරෙන බවත්, ඉන් පසුව දැනට තමා සමග සිටින හතළිස්පස් දෙනකු මුස්ලිම් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් යැයි පැවසූ බවත් ඊෂාම් මරුස් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස