සහරාන් අල්ලන්න නාලක සිල්වා වරෙන්තුවක් අරන්! සහරාන් අල්ලන්න කලින් නාලක සිල්වා අත්අඩංගුවට අරන්!

May 29, 2019 at 12:40 pm | by admin

පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින ත්‍රස්ත විමර්ශන දිසාව මගින් එවකට ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත විවෘත වරෙන්තුවක් ගෙන තිබේ.

කෙසේ වුවද එම විවෘත වරෙන්තුවක් ගෙන මාස 4 කට අඩු කාලයක් තුළ එනම් 2018 ඔක්තෝම්බර් මස 25 වන දින ත්‍රස්ත විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ සමග සහරාන් පිළිබඳ විමර්ශන අඩාල වී ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන හරියටම මාස 06 සම්පූර්ණ වෙද්දී තවුහිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ නායකත්වයෙන් මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය එල්ල විය.

ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හමුවූ ආරක්ෂක ප්‍රධානීන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත බාරදීමට පියවර ගෙන තිබේ.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් නාලක සිල්වා පසුගියදා ඇප මත නිදහස් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස