හදිසි නීතිය ඉවත් කිරීමත් සමග නැවත බුර්කාව හොල්මන් කරයි! සහරාන්ලාත් රටපුරා ගියේ බුර්කාව හැඳලා!

September 3, 2019 at 9:51 am | by emanisa.lk

හදිසි නීතිය යටතේ තහනම් වූ නිකාබය හා බුර්කාව යළි පලඳින්නැයි මුස්ලිම් සංවිධාන ප්‍රචාරය කරන අතරේ මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්නැයි මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එච්. ඒ. හලීම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා ඇත.

මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා නිකාබය හා බුර්කාව ගැන තහනම ඉවත් කර ඇත්දැයි පැහැදිලි කිරීමක් කරන්නැයි පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් ඇතුළු හත් දෙනකු ප්‍රහාරයට කලින් බුර්කාව ඇඳගෙන කාන්තාවන් සේ කුරුණෑගල තම මවගේ ගමට පැමිණ සහරාන්ගේ දෙවැනියා වූ තවුෆර් මවුලවි හා බුද්ධි අංශ ප්‍රධානියා වූ රූමි අබ්දුල් අසීස් හමු වූ බවට දැනට කෙරෙන විමර්ශනවලදී හෙළි වී ඇත.

මේ වන විට හදිසි නීතිය ඉවත් කර ඇතත්, ඒ යටතේ තහනම් කළ නිකාබය හා බුර්කාව සම්බන්ධව තවමත් කිසිම දැනුම්දීමක් රජය කර නොමැත.

හදිසි නීතිය ඉවත් කළ බව කියමින් මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව පලඳින්නැයි මුස්ලිම් සංවිධාන කළ දැනුම්දීමක් මත ඇතැම් ප්‍රදේශවල කාන්තාවන් බුර්කාව හැඳගෙන යෑමට කටයුතු කර තිබේ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බුර්කාව ඇඳගෙන පොදු ස්ථානවලට යෑමේදී සිදුවන අපහසුතාවන් මගහරවාගෙන අවස්ථානුකූලව කටයුතු කරන ලෙසත්, මෙරට මුස්ලිම් ජාතිය විඳි සියලු අයිතිවාසිකම් ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස