පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේදී දෙමාපියන් අහිමි දරුවන්ට අවි ආයුධ පුහුණුව ලබාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්කිරීමට සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
දෙමාපියන් අහිමි දරුවන් විසිහතර දෙනකු කොළඹින් රැගෙන ගොස් මද්‍රසා පාසල්වලට යොමු කළ පුද්ගලයෙක් රහස් පොලිසිය මෙම සතියේ කල්පිටියේදී අත්අඩංඩගුවට ගත් අතර ඔහු බොහෝ කරුණු පාපෝච්චාරණය කර තිබේ.
ඔහුගෙන් ලද තොරතුරු මත මෙහි පුහුණුව ලද ළමුන් විසි හතර දෙනා අතරින් දොළොස්දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම දරුවන් වයස අවුරුදු 12-15ත් අතර අය වෙති.
සහරාන්ගේ සොහොයුරා වන සයින්දමරුදුවලදී මරාගෙන මැරුණු රිල්වාන් විසින් මොවුන් සිටි මද්‍රසා පාසලට පැමිණ ගිනි අවි හා අත්බෝම්බ පරිහරණය හා ගලවන ආකාරය උගන්වමින් තම ආගම හැර අනිත් ආගම් විනාශ කරන්නට තමන්ට ඉගැන්වූ බව මද්‍රසා පාසලේ සිටි දරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත.
ඒ සඳහා යොදා ගෙන ඇත්තේ මදුරන්කුලියේ මද්‍රසා පාසලක් වන අතර ‘සේව්ද පර්ල්’ නමැති සංවිධානය මගින් ඔවුන්ට නවාතැන් ලබා දී ඇත.