සහරාන්ට බුද්ධි අංශ වැටුප් ගෙව්වා කියලා මම නම් දන්නේ නෑ! – පාස්කු කමිටුවේදී සාලි රාජිත කුජීත කරයි….

June 12, 2019 at 12:29 pm | by emanisa.lk

ඊයේ (11) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි දීමට පැමිණි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගෙන් ඇමති රාජිත සේනාරත්න ජාතික විමසුවේ බුද්ධි අංශ විසින් වැටුප් ගෙවන 26 දෙනා අතර තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිටි බව තමන් දන්නේ ද කියාය.

එවිට අසාද් සාලි ප්‍රකාශ කළේ සහරාන් හෂීම්ට වැටුප් ගෙවන බවක් නොව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ඇතුළු 26 දෙනෙකුට වැටුප් ගෙවන බවට තොරතුරු ලැබුණු බවය.

පසුගිය කාලයේ ඇමති රාජිත සේනාරත්න විසින් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ශ්‍රී ලංකා බුද්ධි අංශ සහරාන් හෂීම් ඇතුළු 26 දෙනෙකුට වැටුප් ගෙවූ බවය. කෙසේ වුවද සහරාන් හෂීම්ගේ පින්තූරයක් තබා ගත් පුද්ගලයන් පවා අත්අඩංගුවට ගන්නා කාලයක ගෝඨාභය රාජපක්ෂ එවැනි අපරාධයක් කළේ නම් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මාධ්‍ය විමසූ විට ඇමති රාජිත නිරුත්තර විය.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් පසුගියදා අසාද් සාලිට අභියෝග කළේ තමන් බුද්ධි අංශවලින් වැටුප් ලබා ගත්තේ නම් ඔප්පු කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස