සහරාන්ට පඩි ගෙව් බව අගමැති මහින්දයි කෙහෙළියයි පිළිගත්තා…!

November 13, 2021 at 12:13 pm | by emanisa.lk

සහරාන්ට පඩි ගෙව් බව අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැවසීය.

‘මම කියන්න කැමතියි සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපරාමයේදී පිළිගත්තා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුවත්පත් සාකච්ඡාවකදී සහරාන්ට පඩි ගෙව්වා කියලා පිළිගත්තා.

ඒ වගේ ම සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාන්ගේ සේවයක් ලබාගත්තේ නෑ කියලා. ඒ සියල්ල ලබාගත්තේ 2010 න් පස්සේ කියලා එතුමා මේ පාර්ලිමේන්තුවේදි කියලා තියනවා’

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *