සහරාන්ගේ බෝම්බේ රිමොට් එක තියෙන්නේ ඇමරිකාව අතේ! – මැදගොඩ අභයතිස්ස හිමි (video)

August 4, 2019 at 5:50 pm | by emanisa.lk

අමෙරිකානු උපාය මාර්ගයකට අනුව සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක වු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

පසුගියදා (02) ඩුබායිහිදී පැවති එළිය සම්මන්ත්‍රණයේ දී සිය අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

අමෙරිකාව විසින් ලොව පුරා රටවල්වල ආගමික ගැටලුවක් නිර්මාණය කිරීම තුළින් රට තුළට ඇතුළු වීමට උත්සාහ ගන්නා බවත් පාස්කු ඉරිදා මෙරට සිදුවු ප්‍රහාරය ගැන අමෙරිකාව පූර්වයෙන් දැන සිටි බවත් උන්වහන්සේ පැවසීය.

සහරාන් විසින් සිදු කළ බෝම්බ ප්‍රහාරයේයේ දුරස්ථ පාලකය තියෙන්නේ අමෙරිකාව අතේ බව උන්වහන්සේ පැවසීය.

එසේම අපි අපේක්ෂා කරන නායකයින් ද ත්‍රස්තවාදීන් තුරුලේ තබා ගෙන හුරතල් කරන නායකයින් නොවිය යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේ දී ද මෙම අර්බුධය ඇති වන බවත් අභයතිස්ස හිමි ප්‍රකාශ කළේය.

බෙදුම්වාදය ඇතිකිරීමේ තවත් පියවරක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ වන විට සූදානම් වන බවත් යම් ආකාරයකින් විධායක ජනාධිපති ක්‍රමය පමණක් ඉවත් කර 13 වන සංශෝධනය ඉතිරි වුවහොත් රට බෙදී යන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ කතාව

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස