සහරාන්ගේ පරිගණක දත්ත හා දුරකතනය ඇමරිකාව උස්සලා! සහරාන්ගේ ගෙදර cctv දර්ශනත් මකලා!

March 9, 2020 at 11:20 pm | by emanisa.lk

සහරාන් පාවිච්චි කරන ලද පරිගණකයේ දත්ත සහ දුරකථනය ඇමෙරිකානු රහස් ඔත්තු සේවය විසින් එරටට රැගෙන ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ අදහස් පළකළේ ඊයේ (08) කඩුවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද කීය.

එදා සහරාන්ගේ ප්‍රහාරය සිදු වූ වහාම ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන් ආවා ලංකාවට. ඇවිල්ලා සහරාන් පාවිච්චි කළ පරිගණකයේ දත්ත සහ ඔහුගේ දුරකථනය ඔවුන් ඇමෙරිකාවුට රැගෙන ගිහිල්ලා. ඒ වගේම සහරාන්ගේ නිවසට ආපු ගියපු අය බලාගන්න තිබුණ සීසීටීවී දර්ශන සම්පූර්ණයෙන්ම මකලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස