සහරාන්ගේ දුව පරිවාසයට! ලොකු මස්සිනා අත්අඩංගුවට!

July 30, 2019 at 2:14 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය දුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම්ගේ සිව් හැවිරිදි දියණිය සුදුසු භාරකාරීත්වයක් වෙත යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇති අතර අධිකරණය ඒ සඳහා පරිවාස වාර්තාවක් එළඹෙන 21 වෙනි දිනට කැඳවා ඇත.

මේ වන විට දරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර ළමා හා යෞවන ආඥා පනත අනුව සුදුසු නියෝගයක් ඉදිරියේ දී අධිකරණය නියෝග කරනු ඇත.

සහරාන්ගේ බිරිඳ ඇතුළු කිහිප දෙනෙකු රහස් පොලිස් භාරයේ තව දුරටත් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙයි.

මේ අතර සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා වන 28 හැවිරිදි අබ්දුල් කාදර් අසීම් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සහරාන්ගේ නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන පුහුණුව සහ අවි පුහුණු ලබා ඇති බවත් දේශනවලට සහභාගී ඇති බවත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස