සහරාන්ගේ දුරකතන දෙක ශානි රහසෙම ඇමරිකාවට යවලා! දුරකතන දත්ත සියල්ල අතුරුදන්! CID පරීක්ෂණ තොරතුරු මුස්ලිම් දේශපලෙනඥයන් අතේ!

June 19, 2020 at 2:04 pm | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට අදාළ වැදගත්ම සාක්‍ෂිය වූ සහරාන්ගේ ජංගම දුරකථන දෙකේ දත්ත ඇමෙරිකාවේදී අතුරුදන්වව ඇති අතර එම දත්ත අතුරුදන් වූයේ කෙසේද යන්න ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය මෙතෙක් හෙළිකර නැත.

මෙම ජංගම දුරකථන දෙක එවකට සිටි ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ අධිකරණයේ අවසරයකින් තොරව රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර විසින් ඇමරිකානු පොලිසියට ලබාදී තිබුණි.

මෙම ජංගම දුරකථනවල කිසි දෙයක් නැති බව එෆ්. බී. අයි. පොලිසිය පවසා තිබේ. එහෙත් දුරකථනවල තිබූ දත්ත එකවරම අස්ථානගතවීම දැඩි සැකයට තුඩුදෙන කරුණක් බව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.

රහස් පෙලිසියේ හිටපු නිලධාරීන් පිරිසක් පාස්කු ප‍්‍රහාරය වසන්කරලීමට කටයුතු කර ඇති බව හෙළිවී තිබෙනවා. සිදුකළ පරීක්‍ෂණ ගැන තොරතුරු මුස්ලිම් දේශපාලනඥයන් කීපදෙනෙකුට ලබා දී ඇති බවටත් තොරතුරු හෙළිවෙමින් පවතින බව එම ආරංචි මාර්ග කීවේය.

පාස්කු ප‍්‍රහාරයේ සුලමුල සොයන වත්මන් නිලධාරීන්ට ඇමරිකානු පොලිසියේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම ද දුෂ්කර වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස