සහරාන්ගේ තාත්තා සහ සොයුරන් දෙදෙනාත් කල්මු⁣ණේ මරාගෙන මැරිලා!

April 28, 2019 at 6:53 pm | by admin

ඉකුත් සිකුරාදා කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන මියගොස් ඇති පුද්ගලයින් අතර සහරාන් හෂීම්ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද සිටින බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉකුත් පාස්කු ඉරිදා මෙරට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ය.

ඔහුගේ පියා වන මොහොමඩ් හෂීම් සහ සොහොයුරන් වන රිල්වාන් හා සායින් හෂීම් මෙලෙස මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

රිලවාන් නැමැත්තා ඊළඟ ප්‍රහාරය සඳහා සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස