ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ යෝජනා විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒ සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ දී අපි අනුමැතිය ලබාදුන්නා. ඒ නිසා අලුත් සංවර්ධන ව්‍යාපෘති, අලුත් අයෝජන කෙරෙහි අපි අවධානය යොමු කර තියෙනවා.
හැබැයි දත්ත ඇතුළේ ආර්ථික ස්ථාවරත්වයන්, ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තාට ප්‍රමාණවත් නෑ. ඒ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම්. ඒ නිසා අපි මුහුණදී ඇති අභියෝගය තමයි එක් අතකින් අපි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුයි. අනෙක් අතින් අපි ආර්ථිකයේ ප්‍රසාරණයක් අත්පත් කරගත යුතුයි. එය ග්‍රාමීය ජනතාව දක්වා ප්‍රසාරණය විය යුතුයි. ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උරුම වන්නේ නැත්නම් ඔවුන්ට ආර්ථිකය සමග සබඳතාවක් නැතිනම් සාමාන්‍ය ජනතාව යනු ආර්ථිකයෙන් විතැන් කළ පිරිසක්. ඒ නිසා අපේ ප්‍රධානම ප්‍රවේශය වන්නේ, ආර්ථිකය ප්‍රසාරණය කිරීමත්, ග්‍රාමීය විසිරුණු ජන ප්‍රජාවන් එම ආර්ථිකයේ පංගුකරුවන් කරගැනීමත්.
තමන් මේ මොහොතේ නියැලෙන ජීවනෝපාය වඩාත් ලාභදායි ව්‍යාපෘතියක් බවට පත්වන්නේ නැත්නම් එම ජනතාවට ප්‍රතිලාභ ගලා යන්නේ නෑ. ඒ නිසා අපේ අභියෝගය තමා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතුයි. ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් ලෙස එය සලකනවා. දුප්පත්භාවය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන එනවා. එම දුප්පත් ප්‍රජාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි.
දුප්පත් රේඛාවත් නූගත් රේඛාවත් සමපාත වෙලා තියෙනවා. දුප්පත්භාවය සහ අධ්‍යාපන හැකියාව අතර සබඳතාවක් තියෙනවා. අධ්‍යාපනික වශයෙන් වර්ධනය කර ගැනීමත් දුප්පත්භාවය තුරන් කිරීමේ ප්‍රබලම මෙවලමක්. මේ වෙලාවෙත් ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා. එවැනි ජන ප්‍රජාවක් නොමැති මොහොතක් නෑ. සෑම විටම ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අවස්ථාවන් නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා. අන්න එතකොට තමා ආණ්ඩුවේ වගකීම වෙන්නේ ඒ ජනතාව බලාගැනීමට සහනාධාර වැඩපිළිවෙලක් අවශ්‍යයි.
සහනාධාර කියන්නේ නරක මෙවලමක් නෙමෙයි. ඒ නිශ්චිත මොහොතේ එම ජන ප්‍රජාව රැකබලා ගැනීම ආණ්ඩුවක වගකීමක්. හැබැයි මෙම වගකීම සැලකිය යුතු මට්ටමකින් අවභාවිත වෙලා තියෙනවා. එය දේශපාලනික මෙවලමක් බවට පත් වෙලා. සහනාධාර වැඩපිළිවෙළ පිළිබඳ සැලකිය යුතු මට්ටමකින් විවේචනයක් එල්ල වී තිබෙන්නේ සහනාධාර වැඩපිළිවෙළ සැලකිය යුතු මට්ටමකින් දේශපාලනීකරණයට ලක්වෙලා නිසයි. ඒ නිසා අපේ ඉලක්කය අපි පැහැදිලිව කියනවා ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම තමා ජාතික ජන බලවේග අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.
අද අපේ රටේ සංස්කෘතිය මොකද්ද ? කුමක් හෝ දෙනවා නම් ලබාගැනීමත් සඳහා පොරබැඳීමක් තියෙනවා තමන්ට සුදුසුද නැද්ද තමන්ට හිමිකමක් තියෙනවා යන සහතිකයෙන් තොරව. ඒ නිසා අපි ඉතාම ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කරනවා, ලැබිය යුතු කෙනා කවුද ? සොයන්න. ඉලක්ක සහගත සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි සහනාධාර වැඩපිළිවෙළින් පමණක් හැමදාම රඳා පවතින්න බැරි බව ඇත්ත. හැබැයි හැමදාම සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි එකම කෙනාට, එකම ප්‍රජාවට නොවිය යුතුයි. ඒකයි වෙනස.”
ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාව සමග එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.