අප ගෝලීය ආර්ථිකයට පියමනින්නේ, ‘පරන්තන් නගරයේ සල්ෆියුරික් අම්ලය නිපදවනවා’ වැනි සුරංගනා කතා වලින් නොවේ.
රටට මේ මොහොතේ අවශ්‍ය අපනයන ආදායම වැඩිකරගැනීමට නම්, අප මුලින්ම සිතා බැලිය යුත්තේ ගෝලීය වෙළඳපොලේ මිලට වඩා අඩු මිලකට ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ හැක්කේ කුමන භාණ්ඩ හා සේවා ද යන්න පිළිබඳවයි. මෙය සරල ආර්ථික විද්‍යාත්මක න්‍යායක් බව උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුන් පවා දනියි.
එබැවින් 1990 දශකයේ අගභාගයේදී ඉන්දියාව සිදුකළාක් මෙන්, ගෝලීය ඩිජිටල් සේවා වෙළඳපොල තුළ ශ්‍රී ලාංකිකයන්ගේ කොටස තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම වෙනුවෙන් මවිසින් ඇරඹූ වැඩපිළිවෙළෙහි මූලික පියවර මේ වනවිට අති සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
“සක්වල සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය” නමින් ඔබ දකින්නේ, ගෝලීය සේවා වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව වර්ධනය කරගැනීමේ මූලික පියවරයි. මෙසේ ඩිජිටල්කරණය කරන ලද අධ්‍යාපනයක් තුළින් අප හට ආසියාවේ ප්‍රමුඛ ඩිජිටල් සේවා අපනයනකරුවෙකු බවට පත්වීමේ අවකාශය නිර්මාණය කරගත හැක.
‘රටේ ඇති ඛණිජ සම්පත් අපනයනය කොට රට ගොඩනගනවා’ය යන ජනප්‍රිය දේශපාලන පොරොන්දුව 1990 දශකයේ සිට මේ දක්වාම අප විසින් සවන් දෙන කතාවකි. විද්‍යාත්මකව සල්ෆියුරික් අම්ලය වැනි අම්ලයක් ඒ කියන ආකාරයට නිපදවිය නොහැකි බව ප්‍රාමාණික වියතුන් විවෘතව කතාබහ කරනු දුටුවෙමි. උගතුන් විසින් එවැනි සුරංගනා කතා පසෙකලීම රටට ඉතා හොඳ ය. මා පවසන්නේ, නායකයන් ගැලරියට කතා කිරීම පසෙක තබා, ක්‍රියාවෙන් ඉදිරිගාමී විය යුතුය යන්නයි.
මවිසින් එම කටයුත්ත ප්‍රායෝගිකව සිදුකරමින් පවතියි. මේ වනවිට 330කට වැඩි සුහුරු පන්ති කාමර ප්‍රමාණයක් රට පුරා රජයේ පාසල්වලට නොමිලේ පරිත්‍යාග කොට තිබේ. විපක්ෂයේ සිට දේශපාලනය කරද්දී එය ඇතැම් විට දේශපාලනිකව අවාසිදායක විය හැකි වුවත්, රටේ අනාගතය ගැන සිතා මම නොපැකිලව ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණෙමි. නුදුරු අනාගතයේදීම ලොව ඩිජිටල් සේවා වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ පංගුව විශාල කරගැනීමේ කර්තව්‍යය අප හට සිදුකරන්නට ලැබෙනු ඇත.
සහෝදර නායකවරුනි, අපි ගැලරිය චූන් කිරීම නවතා දමා සේවයට එළඹෙමු. ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරමු.
– මම, සජිත් ප්‍රේමදාස –
facebook