ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තමා මෙරට අට වන විධායක ජනාධිපති වූයේ නම් ඒ රටේ අවසන් විධායක ජනාධිපති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
තමන් ඇතුළු කණ්ඩායම හඬ නැගුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බව කී ඩලස් අලහප්පෙරුම, පවතින අර්බුදය විසඳා ගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් විපක්‍ෂයේඅ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයි ද අලහප්පෙරුම කීවේය.
ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.