සරම් ඇඳන් ඔළුවෙන් හිටගන්න එපා! අලියා කුලප්පු වුණොත් භයානකයි! – කබීර් හෂීම්

September 1, 2019 at 6:32 am | by emanisa.lk

අලියා හොඳින් හිලා වෙච්ච සතෙක් බවත්  අලියා කුලප්පු කර ගත්තොත්  එය භායානක තත්ත්වයක් බව ඇමති කබිර් හෂිම් පවසයි.

“ඔළුවෙන් හිටගන්නා පොහොට්ටුවේ අයෙක් මෙම මාර්ගය විවෘත කිරීමක්කරළා.  මෙය පුදුමයක් නොවෙයි. මොකද මේ පොහොට්ටුවේ අය ඔළුවෙන් හිටගෙනයි වැඩ කරන්නේ. එත් සරම් ඇඳගෙන ඔළුවෙන් හිටගත් විට නිරුවත පෙනෙන එක ඔවුන් දන්නේ නැහැ.

අලියා හොදින් හීලා වෙච්ච සතෙක්. එත් මේ අලියා කුලප්පු කර ගන්න එපා කියන එක මම මේ අයට කියන්න ඔ්න. මොකද අලියා කුලප්පු වුණොත් එය භායානකයි. මෙම මාර්ග අපි සංවර්ධනය කරන්නේ මේ ජනතාවගේ අවශ්‍යතාවටයි . එහෙම නැතිව වෙන දෙයකට නොවෙයි.

කාපට් යොදා නවිකරණය කරන ලද අඹගමුව සෙල්ලිපි ගම මාර්ගය ඇමති කබිර් හෂිම් විවෘත කිරීමට පියවර ගෙන තිබියදි එම මාර්ගය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් විසින් විවෘත කර තිබිම හේතුවෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස